21න් පහළ ක්‍රීඩිකාවන්ට කොන්ත්‍රාත් පිරිනමයි

Date:

මෑතකදී ස්ථාපිත කෙරුණු ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 21න් පහළ කාන්තා සංවර්ධිත සංචිතයේ ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ(29) කොන්ත්‍රාත් ලබා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූලස්ථානයේ දී එම කොන්ත්‍රාත් ලබා දීම සිදු කෙරුණු බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සදහා ශක්තිමත්ව සූදානම් වීමේ අරමුණින් මෙම සංචිතය පිහිටුවීමට පියවර ගෙන තිබුණා.

දිවයින පුරා සිදු කළ දක්ෂ ක්‍රීඩිකාවන් සොයා යෑමේ වැඩසටහනක් තුළින් හදුනා ගත් ක්‍රීඩිකාවන් 120 දෙනෙකු අතරින් මෙම ක්‍රීඩිකාවන් 20 දෙනා නම් කෙරුණු අතර, තෝරා ගත් ක්‍රීඩිකාවන් මේ වන විට මාස 3ක විශේෂ පුහුණු වැසටහනකට ද එක්ව සිටිනවා.

අනතුරුව එම ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් හා පළාත් කාන්තා කණ්ඩායම් වෙත යොමු කිරීමට නියමියි.

එහිදී ලබන මාර්තු හා අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කිරීමට නියමිත තරගාවලි සදහා ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

අදාළ ක්‍රීඩිකාවන් සමග මාස 3ක කාලයක් සදහායි (නොවැම්බර් 1 සිට ජනවාරි 31 දක්වා) කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...