2024 T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ආකෘතිය මෙන්න

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ මාස හයක පමණ කාලයක්.

ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 20ක් දක්වා ඉහළ නංවා ඇති එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විටත් සියලු රටවල් සුදුසුකම් ලබා අවසන්.

තරග 55ක් ඇතුළත් තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක් කාණ්ඩයකට රටවල් 5 බැගින් ඇතුළත් කෙරෙන අතර, සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

සුපිරි 8 වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, එක් කාණ්ඩයකට රටවල් 4 බැගින් ඇතුළත් කෙරෙනවා.

අනතුරුව එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබන අතර, අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් 20 –

  1. West Indies (Hosts)
  2. United States (Hosts)
  3. Australia (Top 8 teams from the 2022 tournament)
  4. England (Top 8 teams from the 2022 tournament)
  5. India (Top 8 teams from the 2022 tournament)
  6. Netherlands (Top 8 teams from the 2022 tournament)
  7. New Zealand (Top 8 teams from the 2022 tournament)
  8. Pakistan (Top 8 teams from the 2022 tournament)
  9. South Africa (Top 8 teams from the 2022 tournament)
  10. Sri Lanka (Top 8 teams from the 2022 tournament)
  11. Afghanistan (Next 2 teams from the rankings)
  12. Bangladesh (Next 2 teams from the rankings)
  13. Ireland (Europe Qualifier)
  14. Scotland (Europe Qualifier)
  15. Papua New Guinea (East Asia-Pacific Qualifier)
  16. Canada (Americas Qualifier)
  17. Nepal (Asia Qualifier)
  18. Oman (Asia Qualifier)
  19. Namibia (Africa Qualifier)
  20. Uganda (Africa Qualifier)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...