2023 ලෝක කුසලානයේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව අද(7) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව සිරස මාධ්‍ය ජාලය විසින් ලෝක කුසලාන තරගාවලියේ ද මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සතු වන්නේ සිරස මාධ්‍ය ජාලයටයි.

මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය යන රටවල් ද ලෝක කුසලානය සදහා තරග කිරීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා දිල්ලි හී දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...