2011 ලෝක කුසලානයට ක්‍රීඩා කළ 16 දෙනාගෙනුත් ඉතිරිව ඇත්තේ දෙදෙනෙකු පමණයි

Date:

2011 වසරේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට නම් අමතක කරන්න පුලුවන් තරගාවලියක් නොවේ.

අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානයක දැක් වූ ඉහළම දක්ෂතාවය එම ලෝක කුසලානයේ දී දක්වමින් දෙවන වරටත් අඛණ්ඩව අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

එලෙස ශ්‍රී ලංකාවට යළිත් වරක් ලෝක ශූරතාවයක් අහිමි කරමින් පැවැති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පවත්වා එළඹෙන අප්‍රේල‍් දෙවනදාට වසර 10 ක් සපිරෙනවා.

එම තරගාවලියේ වීරයා සම්මානය යුවරාජ් සිං විසින් දිනාගනු ලැබූවත් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්.

ඔහු ඉනිම 9 ක් තුළ ලකුණු 500 ක් රැස්කිරීමට සමත්වුණා.

තරගාවලියේ තෙවන ඉහළම ලකුනු ලාභියා වූ කුමාර් සංගක්කාර ඉනිම 8 ක් තුළ ලකුණු 465 ක් රැස්කර තිබුණා.

සමස්ත තරගාවලියේ ඉහළම ලකුණු ලබා ගත් පිතිකරුවන් ලැයිස්තුවේ පස්වන ස්ථානය උපුල් තරංග වෙන්කර ගත්තේ ඉනිම 9 කදී ලකුණු 395 ක් ලබා ගනිමින්.

2011 වසරේ පැවති එක්දින ලෝක කුසාලානය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ඔහු මීට දින කිහිපයකට පෙර ක්‍රිකට් පිටියට සමුදීමට ද තීරණය කළා.

එමෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද බොහෝ දුරට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැකගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට නොලැබීමට ඉඩ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවධියක 2011 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ එම විශිෂ්ඨ ක්‍රීඩක සංචිතයේ සිටි ක්‍රීඩකයින් අතරින් වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක ගත හැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙකු පමණයි.

එනම් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරායි.

ඒ අනුව මෙරට ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් තරමට සමීප කරමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් ඉටු කළ ක්‍රිකට් විරුවන් පරම්පරාවක එක්තරා අවසාන කාලවකවානුවක් මෙලෙසින් සටහන් වෙමින් පවතින බව නොරහසක්.

නව ක්‍රිකට් විරුවන් පරම්පරාවක ආරම්භය කෙසේ වේදැයි මෙරට ප්‍රේක්ෂකයින් තවමත් බලාපොරොත්තු සහගතව බලා සිටින බව සියලු දෙනා දන්නා සත්‍ය කරුණක්.

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ 2011 ලෝක කුසලානයට ක්‍රීඩා කළ ප්‍රබල ශ්‍රී ලංකා සංචිතය පහතින් :

Kumar Sangakkara (c), Upul Tharanga, Tillakaratne Dilshan, Mahela Jayawardena, Thilan Samaraweera, Chamara Kapugedara, Angelo Mathews, Thisara Perera, Nuwan Kulasekara, Muttiah Muralitharan, Ajantha Mendis, Rangana Herath, Lasith Malinga, Dilhara Fernando, Chamara Silva, Suraj Randeew

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...