20යි 20 ලෝක කුසලානයට අයර්ලන්ත සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය අද(20) නිවේදනය කෙරුණා.

ඇන්ඩෘ බල්බර්නිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා ඇන්ඩි මැක්බර්නි ඇතුළත්ව නොමැති අතර, මෑතකදී ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම හේතුවෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෙවින් ඕබ්‍රයන් ද මෙම ලෝක කුසලාන තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතයට ඇතුළත් වන්නේ නැහැ.

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී අයර්ලන්තය පළමු වටය සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 17 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෝබාර්ට් හී දී පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ඔවුන් ස්කොට්ලන්තයට හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ද තරග වැදීමට නියමිතව තිබෙනවා.

Ireland T20 World Cup squad:

Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Fionn Hand, Josh Little, Barry McCarthy, Conor Olphert, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Craig Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...