20යි 20න් ඔස්ට්‍රේලියාවට කඩුලු 3ක තියුණු ජයක්

Date:

පාකිස්තානය සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කරමින් පාකිස්තාන තරග සංචාරය ජයග්‍රාහීව අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

අගහරුවාදා(5) රාත්‍රියේ ලාහෝර් හි පැවැති මෙම 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තානය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින්.

නායක බබාර් අසාම් පන්දු 46කින් ලකුණු 66ක් රැස් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කුෂ්දිල් ශාහ් ලකුණු 24ක් හා මොහොමඩ් රිස්වාන් ලකුණු 23 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නේතන් ඇලස් ලකුණු 28කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. (163/7)

ඒ, නායක ආරොන් ෆින්ච් වාර්තා කළ අර්ධ ශතකයෙන් සවිමත් වෙමින්. ෆින්ච් පන්දු 45කින් ලකුණු 55ක් රැස් කළා.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 26(14)ක්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 24(15)ක් හා මාර්කස් ස්ටොයිනිස් ලකුණු 23(9)ක් ලබා ගත්තා.

බෙන් මැක්ඩර්මට් නොදැවී ලකුණු 22ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට සමත් වුණා.

ඉනිමේ 19 වැනි පන්දුවාරය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සදහා පන්දු 12කින් ලකුණු 5ක් පමණක් ලබා ගත යුතුව තිබූ නමුත්, එම පන්දුවාරයේ දී ශහීන් අෆ්රිඩි එක් ලකුණක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණේ පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට තරගය ජය ගැනීම පිළිබද යම් බලාපොරොත්තුවක් ඉතිරි කරමින්.

කෙසේ වෙතත්, හැරිස් රවුෆ් යොමු කළ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් මැක්ඩර්මට් තරගයේ ජය සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, උස්මාන් කාදීර් හා මොහොමඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...