18 හැවිරිදි මතීෂගෙන් T 10 පිටියේ දී විශිෂ්ඨ දස්කම්

Date:

අබුඩාබී T 10 තරගාවලිය යටතේ ඊයේ(4) අබුඩාබී කණ්ඩායම සමග පැවැති තරගයේ දී ඉතාමත් අනර්ඝ පන්දු යැවීමක නිරත වීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා නවක වේග පන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත්වුණා.

තවමත් 18 වන වියේ පසුවන මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව ද ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට බොහෝ සෙයින් සමානතාවයක් දක්වනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලා ටයිගර්ස් නායක ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අබුඩාබී කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව පිටියට පිවිසි අබුඩාබි කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 3 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 116 ක්.

පෙර තරගයේ දී වේගවත් ඉනිමක් දියත්කළ ක්‍රිස් ගේල්ට මෙම තරගයේ දී ලබා ගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණක් පමණයි.

අනර්ඝ පිතිහරඹයක් දියත් කල පෝල් ස්ටර්ලින් පන්දු 32 කදී ලකුණු 64 ක් නොදැවී රැස්කලා.

ලූක් රයිට් පන්දු 18 කදි ලකුනු 27 යි.

සියලුම පන්දු යවන්නන් තරමක ප්‍රහාරයකට ලක්වෙද්දී මතීෂ පතිරණ පන්දුවාර 2 ක් ක්‍රියාත්මක කර කඩුලු 2 ක් දවාගත්තේ ලකුණු 9 ක් පමණක් ලබාදෙමින්.

ඔහුගේ පන්දු හමුවේ ලුක් රයිට් සහා ජො ක්ලාක් දැවී ගියා.

ලකුණු 117 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 9 ක් බිඳ වැටී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 95 ක් පමණයි.

ජොන්සන් චාල්ස් පන්දු 23 කදී ලකුණු 59 ක් රැස්කළ නමුත් සෙසු එකදු පිතිකරුවෙකුට සාර්ථක ඉනිමක් දියත් කිරීමට අබුඩාබී පන්දුයවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

අනර්ඝ පන්දුයැවීමක නිරත වූ ජෙමී ඕවර්ටර්න් කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව අබුඩාබී කණ්ඩායමට මෙම තරගයෙන් ලකණෙු 21 ක ජයග්‍රහණයක් හිමිවුණා.

තරගයේ වීරයා පෝල් ස්ටර්ලින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...