ෆව්ඩ් අලාම්ගේ සටන්කාමී ශතකය හමුවේ තරගයේ පාලනය පාකිස්තානයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(23) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39ක්.

Nkrumah Bonner නොදැවී ලකුණු 18ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, රොස්ටන් චේස් ලකුණු 10කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු 3න් දෙකක හිමිකරුවා බවට පත් වුණේ ශහීන් ශාහ් අෆ්රිඩි. ෆහීම් අශ්රෆ් ද එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව ජැමයිකාවේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 302කට සාපේක්ෂව කොදෙව්වන් මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 263ක්.

පාකිස්තානය සිය ඉනිම අත්හිටුවීමට පියවර ගන්නා අවස්ථාව වන විට ෆවඩ් අලාම් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 124ක්. හතරේ පහර 17ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීම සදහා සිය ඉනිම ගොඩ නැගුවේ පාකිස්තාන ඉනිම කඩුලු 3කට ලකුණු 2ක් ලෙස සටහන්ව තිබූ අවස්ථාවක සිට වීම විශේෂත්වයක්.

බබාර් අසාම් ලකුණු 75කට දැවී ගිය අතර, මොහොමඩ් රිස්වාන් ලකුණු 31යි. ෆහීම් අශ්රෆ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 26ක්.

පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජෙයිඩ්න් සීල්ස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...