එළඹෙන නෙදර්ලන්ත හා පාකිස්තාන තරග සංචාර සදහා වන බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Jayden Seales, Shermon Lewis හා Keacy Carty යන ක්‍රීඩකයින් එක්දින සංචිතයට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් මෙම සංචාරවලින් විවේක ගන්වා ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ශිම්රන් හෙට්මයර් ද සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින් මෙම සංචාර සදහා එක්වන්නේ නැහැ.
මෙවර අයි.පී.එල් තරගාවලියට එක්ව සිටින එවින් ලුවිස් ද මෙම සංචිතයට නම් නොකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ශාරීරික යෝග්‍යතා ගැටලුවක් මත ඔහු සංචිතයට නම් කර නොමැති බව සදහන්.
නෙදර්ලන්තයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය මැයි 31 වනදා ආරම්භ වීමට නියමිත අතර, පාකිස්තානයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජූනි 8 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලි දෙකම අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වනවා.
West Indies squad:
Nicholas Pooran (Captain), Shai Hope (Vice Captain), Nkrumah Bonner, Shamarh Brooks, Keacy Carty, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Shermon Lewis, Kyle Mayers, Anderson Phillip, Rovman Powell, Jayden Seales, Romario Shepherd, Hayden Walsh Jr.

