හෝල්ඩර් කැදවමින් ඉන්දියාවට එරෙහි එක්දින සංචිතය කොදෙව්වන් නම් කරයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිකලස් පූරාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් යළි එක්දින සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔහු නිමා වූ බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් විවේක ගන්වා තිබුණා. එම තරගාවලියෙන් කොදෙව්වන් තරග 3-0ක් ලෙස පරාජයට පත් වුණා.

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් හා වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩර්සන් පිලිප් ඉන්දියාවට එරෙහි එක්දින සංචිතයට නම් කර නැහැ.

බංග්ලාදේශ එක්දින තරගාවලියේ දී එක්දින වරම් දිනූ වමත් දග පන්දු යවන ක්‍රීඩක Gudakesh Motie සංචිතයේ සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන්දු – කොදෙව් එක්දින තරගාවලිය එළඹෙන 22, 24 හා 27 යන දිනවලදී ට්‍රිනිඩෑඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

West Indies ODI squad:

Nicholas Pooran (C), Shai Hope (vc), Shamarh Brooks, Keacy Carty, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Gudakesh Motie, Keemo Paul, Rovman Powell, Jayden Seales

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...