හොංකොං සික්සර්ස් ශූරයින් දිවයිනට

Date:

දෙවැනි වරටත් හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම අද(5) දිවයිනට පැමිණියා. අද අලුයම පහට පමණ ඔවුන් මෙරටට පැමිණි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකාව මෙලෙස හොංකොං සික්සර්ස් තරගාවලියක ශූරතාවය දිනා ගත්තේ 2007 වසරෙන් පසුව පළමු වරටයි.

2024 හොංකොං සික්සර්ස් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව මෙවර අපරාජිතව තරගාවලියේ ශූරයින් බවට පත් වුණා.

පසුගිය ඉරිදා පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 5.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවසන් තරගයේ වීරයා ලෙස ධනංජය ලක්ෂාන් ද, තරගාවලියේ වීරයා ලෙස තරිදු රත්නායක ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...