හේමන්තගේ කඩුලු 5 හා ලසිත්, නුවනිදු, මැතිව්ස්ගේ අර්ධ ශතක ශ්‍රී ලංකා A පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 86 ක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(18) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 316 ක ඉලක්කයක් හඹා ගිය ලයන්ස් පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 229 ක් පමණයි.

Tom Prest ලකුණු 67 ක්, James Rew ලකුණු 42 ක් හා Jack Haynes ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත කඩුලු 5 ක් බිද හෙලමින් ලයන්ස් ඉනිම අඩපන කළේ පන්දුවාර 8.1 ක් තුළ ලකුණු 43 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් බිද හෙලූ අතර, ප්‍රමෝද් මදුෂාන්, සුමින්ද ලක්ෂාන් හා සහන් ආරච්චිගේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

Dushan Hemantha © SLC

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 315 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11 කට දැවී ගිය අතර, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 73 ක් පන්දු 67 කින් වාර්තා කළා. ඒ, හතරේ පහර 12 ක් ද සමගින්.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 57 ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 53 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 50 ක්. ඔහුගේ ඉනිමට අන්තර්ගත වූ හතරේ පහර සංඛ්‍යාව 4 ක්.

නායක සධීර සමරවික්‍රම ලකුණු 40 කට දැවී ගිය අතර, සුමින්ද ලක්ෂාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 35 ක්. සහන් ආරච්චිගේ ලකුණු 9කට දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 15යි.

පන්දු යැවීමේ දී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් Mason Crane ලකුණු 55 කට කඩුලු  3 ක් දවා ගත්තා. Jacob Bethell කඩුලු 2 ක් බිද හෙලුවේ ද ලකුණු 55 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...