සෝල්ට්ගේ සුපිරි ප්‍රහාරය හේතුවෙන් LPL දෙවැනි තරගයේ ජය දඹුල්ලට

Date:

පිල් සෝල්ට්ගේ ප්‍රහාරාත්මක ඉනිමෙන් ශක්තිමත් වෙමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

දඹුල්ල ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් පිල් සෝල්ට් හා නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ලට පන්දුවාර 7.4ක් තුළ ලකුණු 97ක් එක් කිරීමට සමත් වුණා.

එම සබදතාවය බිද වැටුණේ දික්වැල්ල පන්දු 23කින් ලකුණු 37ක් ලබා සිටියදී දැවී යාමත් සමගයි.

පන්දු 21කින් සිය අර්ධ ශතකය වාර්තා කළ පිල් සෝල්ට් පන්දු 27කදී ලකුණු 64ක් ලබා සිටියදී දැවී ගියා.

හයේ පහර 5කින් හා හතරේ පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව දඹුල්ල ඉනිම තරමක් මන්දගාමී ස්වරූපයක් ගනු ලැබූ අතර, සොහයිබ් මක්සූඩ් ලකුණු 11කටත්, නායක දසුන් ශානක ලකුණු 24කටත් දැවී ගියා.

සෙසු මැද පෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඉනිමට අත්‍යවශ්‍යව තිබූ වේගවත් අවසානයක් ලබා දීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

ඔහු පන්දු 11කින් ලකුණු 22ක් ලබා ගත්තේ හයේ පහර 2ක් ද සමගින්.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර පළමු පන්දුවාරයේ දී යම් ප්‍රහාරයකට ලක් වුවද, ඔහු සිය පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින්.

අල් අමීන් හුසේන් ලකුණු 36කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

කෙනාර් ලුවිස් පන්දු 10කින් ලකුණු 17ක් ලබා ගනිමින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කළත්, ඔහුගේ දැවී යාමත් සමග ජයග්‍රහනය සදහා අවශ්‍ය වේගය පවත්වා ගෙන යාමට කැන්ඩි වොරියර්ස් පිලට හැකි වූයේ නැහැ.

ඩෙවෝන් තෝමස් ලකුණු 2කටත්, චරිත් අසලංක ලකුණු 5කටත් දැවී ගියා.

නායක ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 24ක් රැස් කළා. කමිදු මෙන්ඩිස් ලකුණු 17යි. අසේල ගුණරත්න රැස් කළේ ලකුණු 7ක් පමණයි.

වොරියර්ස් කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ගෙන ආ රොව්මන් පවෙල් පන්දු 21කින් වේගවත් ලකුණු 42ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහරක් සමගින්.

සචිදු කොළඹගේ නොදැවී ලකුණු 27(16)ක් ද, ඉෂාන් ජයරත්න ලකුණු 18(12)ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලුවා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 21කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...