සූර්යකුමාර් යාදව් මාසයක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

Date:

ආබාධයකට ලක් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව්ට සති 4ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අහිමි වූ ඔහුට ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාට එරෙහි තරගාවලියේ ද තරග කිහිපයක් අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

අයි.පී.එල් තරගාවලිය මැයි 29 වැනිදා අවසන් වීමෙන් පසුව දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර 20යි 20 තරග 5ක් ජූනි 9 වැනිදා සිට 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

පසුගිය 6 වැනිදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි සූර්යකුමාර් යාදව්ගේ වම් අතෙහි ආබාධයක් සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...