SKYගේ සුපිරි ශතකය ඉන්දියාවට ලකුණු 65 ක දැවැන්ත ජයක් හිමි කර දෙයි

Date:

සූර්යකුමාර් යාදව් පන්දු 51 කින් නොදැවී වාර්තා කළ ලකුණු 111 න් ශක්තිමත් වෙමින් නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 65 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(20) සමත් වුණා.

Mount Maunganui හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබා ගනිමින්. ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 4 තුළ දී ලකුණු 62 ක් වාර්තා කිරීමට සූර්යකුමාර් ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් සමත් වීම කැපී පෙනුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් සිය දෙවැනි ජාත්‍යන්තර 20යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තේ හයේ පහර 7 කින් හා හතරේ පහර 11 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 34 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, ඔහු එම කඩුලු තුනම බිද හෙලුවේ ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පිට පිට පන්දු තුනක් තුළදීයි. එහිදී දැවී ගියේ ඉන්දීය නායක හර්ඩික් පාන්ඩ්යා (13), දීපක් හූදා(0) හා වොෂින්ටන් සුන්දර්(0) යන පිතිකරුවන්.

Also Read : Watch : පිට පිට කඩුලු 3 ක් දවා ගනිමින් ටිම් සවුති මාලිංගගේ ලෝක වාර්තාව සම කරයි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 18.5 තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

නායක කේන් විලියම්සන් පන්දු 52 කින් ලකුණු 61 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී දීපක් හූදා ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගත්තේ පන්දුවාර 2.5 ක් යොමු කරමින්. මොහමඩ් සිරාජ් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර, ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...