සුපුරුදු දියාරු පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාවට තවත් අන්ත පරාජයක්

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දැඩි අවධානමකට ලක් කරමින් තරගාවලියේ 14 වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(16) සමත් වුණා.

මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් දියාරු පිතිහරඹයක නිරත වීම තරගයේ පරාජයට බලපෑ අතර, ලක්නව්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 9 ලකුණු 52 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 209 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 35.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක හා කුසල් පෙරේරා සමත් වුණා. පැතුම් ලකුණු 61 කට දැවී ගිය අතර, කුසල් ලකුණු 78 යි.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 9කටත්, සධීර සමරවික්‍රම ලකුණු 8කටත් දැවී ගිය අතර, ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 7ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ හා චාමික කරුණාරත්න ලකුණු දෙක බැගින් ලබා සිටියදී දැවී ගියා. චරිත් අසලංක ලකුණු 25 යි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 47 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 24 කදී බිද වැටුණා. ඒ, ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ඩිල්ෂාන් මදුෂංක විසින් ඩේවිඩ් වෝනර් (ලකුණු 11) හා ස්ටීවන් ස්මිත් (0) දවා ගැනීමට සමත් වීමත් සමගයි.

මිචෙල් මාෂ් ලකුණු 52 ක්, මර්නස් ලබුෂේන් ලකුණු 40 ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 58 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කළා.

ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 31(21) ක් හා මර්කස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 20(10) ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙනුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාව පිට පිට තරග 2ක් පරාජයට පත් වීමෙන් අනතුරුවයි සිය පළමු ජය අද වාර්තා කළේ.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...