සුපිරි 12 වටයේ පළමු ජය ඔස්ට්‍රේලියාට

Date:

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද(23) ආරම්භ වුණා.

පළමු කාණ්ඩයේ (GROUP 1) තරගයක් වූ සුපිරි 12 වටයේ පළමු තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

එම තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

අබුඩාබිහි පැවති තරගයේ කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 පමණයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 40ක් ද, ඩේවිඩ් මිලර් ලකුණු 16ක් ද කාගිසෝ රබාඩා නොදැවී ලකුණු 19ක් ද රැස් කළා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ් හා ඇඩම් සම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

නායක ආරෝන් ෆින්ච් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

ස්ටීවන් ස්මිත් ලකුණු 35ක් ලබාගත් අතර, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 18ක් ද, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 14ක් ද රැස් කළා.

ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය මාර්කස් ස්ටොයිනිස් පන්දු 16කින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා කඩුලු 2ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා, කේෂාව් මහරාජ් හා ටැබ්රයිස් ශම්සි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...