සුපිරි පළාත් තරගාවලියක් සහිතව ක්‍රිකට් ගොඩගන්න යෝජනා 7ක්

Date:

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සහ නගාසිටුවීමට සම්බන්ධ යෝජනාවලිය ක්‍රීඩා අමාත්‍යංශය විසින් අද(29) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා.

පසුගිය 27 වනදා ඊට අදාළව කරුණු සාකච්ඡා කිරීම සදහා පැවැති රැස්වීමේ දී යි මීට අදාළ තීන්දු තීරණ ගෙන තිබුණේ.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ක්‍රීඩකයින්ගේ කළමණාකරණ කටයුතු සහ විධිමත්ව කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී ක්‍රීඩකයින්ගේ දක්ෂතා විශ්ලේෂණය කිරීම සහ එහි පවතින යාන්ත්‍රණය පිළිබද සමාලෝචනය කර තිබෙනවා.

එහිදී නව යෝජනා 7ක් ඉදිරිපත්ව ඇති බව සදහන්.

  1. දැනට පවතින තේරිම් කමිටුව පිළිබද සළකා බැලීමත්, නව තේරිම් කමිටුවක් පත් කිරීමත්.
  2. දැනට පවතින ප්‍රථම පංතියේ ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 8ක් හා උපරිම කණ්ඩායම් 14ක් ලෙස Tier – 1 කොටසට එක්කිරීම, Tier – 1 ප්‍රථම පංතිය යටතටත්, Tier – 2 ප්‍රථම පංති සදහා යටත් නොකිරීමටත් සලකා බැලීම.
  3. නව සුපිරි පළාත් තරගාවලියක් සංවිධාන කිරීම. ඒ සදහා කණ්ඩායම් 5ක් එයට එක්කිරීම මෙන්ම කණ්ඩායම් සදහා ප්‍රිමියර් Tier – 1/2 ක්‍රීඩා සමාජ හා අනෙක් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් නියෝජනය වන ලෙස කණ්ඩායම් සකස් කිරීම.
  4. ජාතික කණ්ඩායමට පත් කළ යුතු ඉහළ හැකියාවන් සහ සුදුසුකම්ලත් නිළධාරීන් හදුනා ගැනීම – (කණ්ඩායම් උපදේශක, ක්‍රිකට් අධ්‍යක්ෂ, පූර්ණකාලීන කළමණාකරු පත් කිරීම)
  5. ක්‍රීඩකයින්ගේ හා පුහුණුකරුවන්ගේ ගිවිසුම් සැලසුම් කිරීමේ දී දිරිගැන්වීමේ පටිපාටිය ගැන සලකා බැලීම. මෙහිදී ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා හා අඛණ්ඩව විනය පවත්වා ගැනීම පිළිබද වැඩි අවධානය යොමු කෙරේ
  6. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවන් මගින් ක්‍රීඩකයින්ගේ හා සහයකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ දී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ විනය ගැන වඩාත් සැළකිලිමත් වීම.
  7. තවදුරටත් ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේ දී ඒ සදහා නිර්දේශීත ක්‍රිකට් කමිටුවක් නම් කිරීම. “ක්‍රියාකාරී හා සුදුසුකම්ලත් පුද්ගලියන්ගෙන් සමන්විත කමිටුවක්”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීන් මෙම සාකච්ඡාවට එක්වුණා.

එහිදී නිළධාරීන් සහ ජාතික කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් අතර බොහෝ සාධනීය අදහස් හුවමාරුවක් සිදු වූ බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...