සුපිරි ජයකින් ඔස්ට්‍රේලියාව සුපිරි 8 වටයට – නැමීබියාව ඉවතට විසිවෙයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත් වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට වේලාවෙන් අද(12) පෙරවරුවේ සමත් වුණා.

ඒ, තරගාවලියේ 24 වැනි තරගයෙන් නැමීබියාව පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. මෙම පරාජයත් සමග නැමීබියාවට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Antigua හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 5.4 ක් පමණක් වැය කරමින් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලබා ගත් ලකුණු 74 විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දී ඔවුන් පවර්ප්ලේ අවස්ථාවේ දී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ඩේවිඩ් වෝනර් ලකුණු 20(8) කට දැවී ගිය අතර, ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 34 ක් රැස් කළේ පන්දු 17 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක මිචෙල් මාෂ් පන්දු 9කින් ලකුණු 18 නොදැවී ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් නැමීබියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Gerhard Erasmus. ඔහු පන්දු 43 කින් ලකුණු 36 ක් ලබා ගත් අතර, Michael van Lingen ලකුණු 10 කට දැවී ගියා. සෙසු පිතිකරුවන් අතරින් ලකුණු 5 සීමාව අභිබවා රැස් කළේ ලකුණු 7ක් ලබා ගත් Ruben Trumpelmann පමණයි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. ජොෂ් හේසල්වුඩ් හා මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා. මෙම තරගය සදහා මිචෙල් ස්ටක් ක්‍රීඩා නොකළ අතර, ඔහු වෙනුවට නේදන් ඇලස් ක්‍රීඩා කළා.

[team_standings 59913]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...