පූරාන්, කවාජා ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් LPL තරගාවලියට ලියාපදිංචි වෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට රටවල් 11ක ක්‍රීඩකයින් කැමැත්ත පල කර තිබෙනවා.

ඒ අතරට බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්, ඔස්ට්‍රේලියාවේ ජේම්ස් ෆෝල්ක්නර් හා බෙන් කටින් මෙන්ම දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා ද ඇතුළත් බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් (Draft) කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ඉදිරිපත් වීම වෙනුවෙන් ලියාපදිංචි වී ඇති සෙසු ක්‍රීඩකයින් අතරට මිචෙල් මැක්ලෙගන්, නිකලස් පූරාන්, මහ්මදුල්ලාහ්, ටමිම් ඉක්බාල්, රවී රාම්පෝල්, උස්මාන් කවාජා මෙන්ම ලොව අංක එකේ 20යි 20 පන්දු යවන්නා වන දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි වැනි ක්‍රීඩකයින් ද ඇතුළත්.

කැන්ඩි ටස්කර්ස් තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන්ගේ සහෝදරයා වන ඉන්දියාවේ යුසුෆ් පතාන් ද තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර තිබෙනවා.

එමෙන්ම සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර්, නේපාලයේ සන්දීප් ළමිචානේ හා අමෙරිකාවේ අලී ඛාන් ද තරගාවලියට එක් වීම සදහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයින් අතරට අයත්.

“පසුගිය වසරේ ලැබූ සාර්ථකත්වය සමග මෙවර ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරු රැසක් ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියර සමග එක් වීමට ලැයිස්තුගත වීම සැබවින්ම සතුටට කරුණක්. මෙම තත්වය ඉදිරි තරගාවලි සඳහා සුභවාදී තත්වයක් ලෙස නිසැකවම කිව හැකියි” යනුවෙන් ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීඩක ලැයිස්තුව පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා සදහන් කළා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 5ක් ඊට එක් වන අතර, සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකියි.

එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

“මෙවර ඉදිරිපත් වූ ක‍්‍රීඩකයින් සමග පේ‍්‍රක්ෂකයින්ට අමතක නොවන තරගාවලි අත්දැකීමක් හිමි වන බවට කිසිදු සැකයක් නැහැ’’ යනුවෙන් IPG හි ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා  කියා සිටියා.

LPL දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීමට ලියාපදිංචි වී ඇති ප්‍රමුඛ ක්‍රීඩකයින් අතරට පහත සදහන් ක්‍රීඩකයින් ඇතුළත්.

  • බංග්ලාදේශය – තමිම් ඉක්බාල්, මෙහෙදි හසන්, ටස්කින් අහමඞ්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්
  • ඔස්ටේ‍්‍රලියාව – උස්මාන් කවාජා, බෙන් ඩන්ක්, කැලම් ෆර්ගිව්සන්
  • බටහිර ඉන්දීය කොදෙව් – ශෙල්ඩන් කොට්‍රෙල්, රයඞ් එම්රිට්, රවි රාම්පෝල්, ඞ්වේන් ස්මිත්, දිනේශ් රම්ඞීන්, ජොන්සන් චාල්ස්, රොව්මන් පවෙල්
  • පාකිස්ථානය – හරිස් ශොහෙල්, වකාස් මක්සූඞ්, මුහම්මඞ් හසීන්, මොහොමඞ් ඉර්ෆාන්, ෂොයිබ් මක්සූඞ්, ශාන් මසූඞ්, අන්වර් අලි, අම්මඞ් බට්
  • දකුණු අප‍්‍රිකාව – රීලී රොසොව්, ඬේවිඞ් වයිස්, ටේ‍්‍රවර් ස්මට්, මෝනේ මොර්කල්, රීස් වෑන්ඩර් ඩූසන්, කේශව් මහරාජ්, ටෙබ්රාස් ශම්සි, හාර්ඩස් විල්ජෝන්
  • ඇෆ්ගනිස්ථානය – මොහොමඞ් ශෙසාඞ්, නජිබුල්ලා සඞ්රාන්, නවීන් උල් හක්, උස්මාන් ශිනවාරි, රාමනුල්ලා ගුර්බාස්, හස්රතුල්ලා සසී, ක්වායිස් අහමඞ්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...