සිම්බාබ්බේ කණ්ඩායම එංගලන්තයේ ඓතිහාසික තරග සංචාරයක

Date:

2025 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(15) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී දෙරට අතර සිව්දින ටෙස්ට් තරගයක් 2025 වසරේ මැයි 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය මෙතෙක් තීරණය කර නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට ද්වි පාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් සදහා එංගලන්තයේ තරග සංචාරයක නිරතව තිබුණේ 2003 වසරේ දී යි.

එම සංචාරයට ඇතුළත්ව තිබූ ටෙස්ට් තරගාවලියේ දී යි එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුණේ.

තරග 2කින් යුත් අදාළ ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයග්‍රහනය කිරීමට එංගලන්තය සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...