සිදු විය හැකි වෙනස්කම් දෙකක් ගැන දසුන් පහදයි

Date:

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2022 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය හෙට(20) නෙදර්ලන්තට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30 ට ජීලෝන්ග් හී දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මෙම තරගයෙන් ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම යම් අර්බුදයකට ද ලක්ව සිටිනවා.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මේ වන විට මෙවර ලෝක කුසලානයේ ඉතිරි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ප්‍රමෝද් මදුෂාන් හා ධනුෂ්ක ගුණතිලක ද ආබාධවලට ලක්ව සිටිනවා.

ගුණතිලකගේ ආබාධය හේතුවෙන් ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා චරිත් අසලංක කණ්ඩායමට කැදවීමට පියවර ගැනුණා.

මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ රැදී සිටින සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන්නේ බිනුර ප්‍රනාන්දු හා ලහිරු කුමාරයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් සම්බන්ධයෙන් නායක දසුන් ශානක අදහස් පල කළ අතර, එහිදී ඔහු ඉගි පල කර සිටියේ ලහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු මීළග තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇති බවටයි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...