නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(31) නිවේදනය කෙරුණා.
ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.
මෙතෙක් එක්දින වරම් දිනා නොමැති වේග පන්දු යවන්නන් වන Luke Wood හා David Payne ද සංචිතයට නම් කර තිබෙනවා.
මාස 6ක පමණ කාලයක් ආබාධයක් හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළ සෑම් කරන් ද යළි එංගලන්ත එක්දින සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.
Matthew Mott එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වීමෙන් පසුව එංගලන්තය ක්‍රීඩා කරන පළමු එක්දින තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජූනි 17, 19 හා 22 යන දිනවලදී නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හී දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.
England squad :
Eoin Morgan (Middlesex), Moeen Ali (Worcestershire), Jos Buttler (Lancashire), Brydon Carse (Durham), Sam Curran (Surrey), Liam Livingstone (Lancashire), Dawid Malan (Yorkshire), David Payne (Gloucestershire), Adil Rashid (Yorkshire), Jason Roy (Surrey), Phil Salt (Lancashire), Reece Topley (Surrey), David Willey (Yorkshire), Luke Wood (Lancashire).

