“සැහැල්ලු සහ තරමක් නිදහස් ක්‍රිකට් ක්‍රීඩාවක් අපිට ඕනේ” – සංගාගේ රාජස්ථානය අද තරග බිමට

Date:

සිය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රමවේදය වන්නේ තරමක් නිදහස් සහ සැහැල්ලු ක්‍රිකට් ක්‍රීඩාවක් බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර මහතා පවසනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර ඒ බව සදහන් කළා.

2021 තරග වාරය යටතේ රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද(12) පැවැත්වෙන්නේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගාවලියේ 4 වැනි තරගය වන මෙම තරගය මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ දී රාජස්ථාන් කණ්ඩායම සංජු සැම්සන් විසින් මෙහෙයවන අතර, ඔහු අයි.පී.එල් තරගයක නායකත්වය දරන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

එමෙන්ම කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් පසුව රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා පළමු තරගය ද මෙයයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ඇගිල්ලක ශල්‍යකර්මයකට මුහුණ දීම හේතුවෙන් පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ වැඩිම මිලට අයි.පී.එල් වෙන්දේසියකදී අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වූ ක්‍රිස් මොරිස්ට රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩි වගකීමක් දැරීමට සිදු වනු ඇති.

“අපි උත්සාහ කළේ සමබර කණ්ඩායමක් ලබා ගන්නයි.” යනුවෙන් සංගක්කාර මහතා කියා සිටියා.

” අපිට ක්‍රීඩා කිරීමට අවශ්‍ය සන්නාමය තමයි සැහැල්ලු සහ තරමක් නිදහස් ක්‍රිකට් ක්‍රීඩාවක්. ඒවගේම හොදින් සූදානම් වීම සහ හොදින් ක්‍රියාත්මක කිරීමයි…සිතීමට සහ ගැටලු විසදීමට සෑම කෙනෙකුම සූදානම් කිරීම.”

“අපිට ඉන්නවා අපූර්ව තරග දිනවන ක්‍රීඩකයින් රැසක්…සංජු සැම්සන්, රාහුල් තෙවාටියා, අපේ වේග පන්දු යවන්නන්. අදාළ දිනයේ දී යම්කිසි විශේෂ සුළු දෙයක් කරන විවිධ පුද්ගලයින් සිටීම වැදගත්. නිත්‍ය ක්‍රීඩකයින් අඛණ්ඩව දක්ෂතා දැක්වීම මනා කණ්ඩායම් දක්ෂතාවයකට ඉතා වැදගත්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...