ඔස්ට්‍රේලියානු ප්‍රබලයින් දෙදෙනෙකුට එක්දින තරගාවලිය අහිමි වෙයි ; නායකත්වයේත් වෙනසක්

Date:

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ට එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ අළුබදුන තරගාවලියේ දී මුහුණ දුන් වම් මැණික් කටුව ආශ්‍රිත ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව පැවැත්වීමට නියමිත ඉන්දීය තරග සංචාරය සදහා (සැප්තැම්බර් 22 වැනිදා සිට) හා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ස්මිත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ස්මිත් වෙනුවට දකුණු අප්‍රිකාවට එරෙහි ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතය සදහා ඇෂ්ටන් ටර්නර් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එක්දින සංචිතය සදහා ඔහු වෙනුවට නම් කර ඇත්තේ මර්නස් ලබුෂේන්.

අළුබදුන තරගාවලියේ දී ආබාධයකට ගොදුරු වූ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් ද දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සදහා එක්වන්නේ නැහැ. ඔහු ද ඉන්දීය සංචාරය සදහා එක් වනු ඇති.

ඒ අනුව 20යි 20 සංචිතයට නම් කෙරුණු මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් වේග පන්දු යවන ක්‍රීඩක Spencer Johnson එක්දින තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ රැදී සිටීමට නියමිතව තිබෙනවා.

ආබාධයකින් පසුවන බැවින් නායක පැට් කමින්ස්ට ද දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අහිමි වන බැවින්, 20යි 20 තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන මිචෙල් මාෂ් එක්දින තරගාවලියේ දී ද ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

20යි 20 තරගාවලියෙන් කමින්ස්, ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, කැමරන් ග්‍රීන් හා ඩේවිඩ් වෝනර් විවේක ගැනීමට තීරණය කෙරුණු අතර, ඇෂ්ටන් ඒගාර්ට ආබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබෙනවා.

අගෝස්තු 30 වැනිදා ආරම්භ වන 20යි 20 තරගාවලිය සදහා ග්ලේන් මැක්ස්වෙල් ක්‍රීඩා කරන අතර, තරග 5 කින් යුත් එක්දින තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ ඔහුගේ බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින්.

අනතුරුව ඔහු ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ දී යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...