ස්ටොක්ස් හා ඔමර්සායි නුවන් තුෂාර සමග එක් වෙයි

Date:

2025 SA20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් MI Cape Town කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඇෆ්ඝනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි ද එම කණ්ඩයම සමග ගිවිසුම්ගත වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය තරග වාර දෙකේ දී ම MI Cape Town කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හිමි කර ගත්තේ අවසන් ස්ථානයයි.

2025 අදියර වෙනුවෙන් ඔවුන් රෂීඩ් ඛාන් හා ට්‍රෙන්ට් බෝල්ට් සමගින් ද ගිවිසුම්ගත වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද සංචිතයේ රදවා ගැනීමටයි MI Cape Town කණ්ඩායම පියවර ගත්තේ.

කාගිසෝ රබාඩා, ඩිවාල්ඩ් බ්‍රේවිස්, රසී වැන් ඩර් ඩසන් වැනි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ද එම සංචිතයට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...