ස්ටොක්ස් අද සිට IPL වැඩ අල්ලයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔහු කොවිඩ් 19 වෛරසය පාලනයට අදාළ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සදහා යොමු කෙරෙනු ඇති.

ඒ අනුව ඔහු දින 6ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කිරීමට නියමිතව ඇති බවත්, කොවිඩ් 19 වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටීමට නියමිතව ඇති බවත් සදහන්.

ස්ටොක්ස් මෙවර තරගාවලියේ දී ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඔහුගේ පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් බෙන් ස්ටොක්ස් පසුගිය කාලයේ සිය උපන් රට වූ නවසීලන්තයට ගොස් සිටියා.

එම නිසා ඔහුට එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග රැසක් ද පසුගිය කාලයේ අහිමි වූ අතර, මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය ද අහිමි වුණා.

ALSO READ : ස්ටොක්ස් යළි වැඩ අල්ලයි – වීඩියෝ දර්ශන මෙන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...