ස්කොට්ලන්ත නිල ඇදුමේ අයිතිකාරිය පාසල් සිසුවියක්

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා විවිධ රටවල් විවිධ අලංකාර නිල ඇඳුම් භාවිතා කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාව ද මෙම තරගාවලිය සඳහා නිල ඇඳුම් දෙකක් යොදා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

අද දිනයේ දී ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වූ නිල ඇදුම බවට පත්ව ඇත්තේ ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී අදිනු ලබන නිල ඇඳුම වෙතයි.

ඊට හේතු වී ඇත්තේ පාසල් සිසුවියක් විසින් මෙම නිල ඇඳුම නිර්මාණය කර තිබීමයි.

12 හැවිරිදි Rebecca Downie නම් පාසල් සිසුවිය මෙම නිල ඇඳුම නිර්මාණය කර ඇති බවයි ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඇයට ස්තූතිය පළ කරමින් එරට ක්‍රිකට් ආයතනය අද ට්විටර් පණිවිඩයක් ද නිකුත් කළා.

ස්කොට්ලන්තයේ පාසල් සිසු සිසුවියන් යොමු කළ නිර්මාණ 200කට වැඩි ප්‍රමාණයක් අතරින් Rebecca Downie ගේ නිර්මාණය මෙවර තරගාවලිය සදහා තෝරා ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...