සවුතිගේ කඩුලු 5 එමීර් රාජ්‍යයේ බලාපොරොත්තු සුන් කරයි

Date:

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ටිම් සවුති දවා ගත් කඩුලු 5 හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා.

තරගයේ පළමු පන්දුවෙන්ම චැඩ් බවුස් දැවී ගියා. පන්දු 34 කින් ටිම් සයිෆර්ට් ලකුණු 55ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 2 ක් සමගින්.

Cole McConchie පන්දු 24 කින් නොදැවී ලකුණු 31 ක් ද, රචින් රවින්ද්‍ර පන්දු 11 කින් නොදැවී ලකුණු 21 ක් ද ලබා ගත්තා. ජේම්ස් නීෂම් ලකුණු 25 යි.

පන්දු යැවීමේ දී Junaid Siddique හා Basil Hameed කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

එමීර් ඉනිමේ පළමු පන්දුවෙන්ම Muhammad Waseem දැවී ගියා. කෙසේ වෙතත්, සිය කණ්ඩායමට ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වූ Aryansh Sharma පන්දු 43 කින් ලකුණු 60 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින්.

නමුත්, ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 21 ක් තුළ දැවී යාමත් සමග තරගයේ ජය නවසීලන්තයට හිමි වුණා. සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ටිම් සවුති කඩුලු 5 ක් බිද හෙලුවේ ලකුණු 25 ක් ලබා දෙමින්. මිචෙල් සැන්ට්නර් හා ජේම්ස් නීෂම් කඩුලු 2 බැගින් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියට තරග 3 ක් ඇතුළත් අතර, මේ වන විට තරග 1-0 ක් ලෙස නවසීලන්තය පෙරමුණේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...