සයීම්ගේ ශතකය හා සල්මන්ගේ 82* හමුවේ පාකිස්තානයට ජය

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

Paarl හි පැවැති තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවෙන් ලද ලකුණු 240 ක ඉලක්කය හඹා ගිය පාකිස්තානය කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදීයි.

ආරම්භක පිතිකරු සයීම් අයුබ් ලකුණු 109 ක් රැස් කළේ පන්දු 119 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින්. සල්මන් ආගා නොදැවී ලකුණු 82 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. බාබර් අසාම් ලකුණු 23 ක් රැස් කළ අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා හා Ottneil Baartman කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 86 ක් රැස් කළා. රයන් රිකල්ටන් ලකුණු 36 ක්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 35 ක් හා ටෝනි ද සෝර්සි ලකුණු 33 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී සල්මන් ආගා කඩුලු 4 ක් බිද හෙලුවේ ලකුණු 32 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...