සන්රයිසස් කණ්ඩායමටත් නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්තයේ ඩැනියල් විටෝරි පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ කොදෙව් ජාතික බ්‍රයන් ලාරා වෙනුවටයි.

විටෝරි මීට පෙර 2014 වසරේ සිට 2018 වසර දක්වා කාලයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඔහු මේ වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ද, එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් තරගාවලියේ දී Birmingham Phoenix කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

මෙම පත් කිරීමත් සමග සන්රයිසස් කණ්ඩායමට තරග වාර 6 ක් තුළ ප්‍රධාන පුහුණුකරුවන් සිව් දෙනෙකු පත් කිරීමට කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

2019 වසරේ දී හා 2022 වසරේ දී ටොම් මූඩි ද, 2020 වසරේ දී හා 2021 වසරේ දී ට්‍රෙවර් බෙයිලිස් ද, 2023 වසරේ දී බ්‍රයන් ලාරා ද එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

2021 අයි.පී.එල් තරගාවලියේ සිට සන්රයිසස් කණ්ඩායම තරග 29 ක් පරාජයට පත්ව ඇති අතර, ජය ගෙන ඇත්තේ තරග 13 ක් පමණයි.

මීට පෙර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජස්ටින් ලැන්ගර් ද, එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇන්ඩි ෆ්ලවර් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද 2024 තරග වාරය වෙනුවෙන් පත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...