සධීරගේ විශිෂ්ඨ ඉනිම හා නිමන්දගේ සුපිරි පන්දු යැවීම යාපනයට ජය ගෙන එයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 09 වන තරගය අද (01) කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ යාපනය කණ්ඩායම හමුවේ කොළඹ කණ්ඩායමට කඩුලු 6 ක පරාජයක් හිමි කර දෙමින්.

මෙම තරගයේදී යාපනය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත් වූ අතර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට නිමන්ද මධුසංඛ සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් බිඳ වැටී ලකුණු 247 ක් වාර්තා කළා.

අශේන් බණ්ඩාර ලකුණු 75(110) යි. සම්මු අශාන් ලකුණු 43(61) කට දැවී ගියා. පන්දු 30 කට මුහුණ දෙමින් ළහිරු මධුසංඛ ලකුණු 42 ක් රැස්කිරීමට සමත් වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 8 ක් ද, සිතාර ගිම්හාන් ලකුණු 18 ක් ද ලබා සිටියදී දැවී ගියා. නුවනිඳු ප්‍රනාන්දුට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 12 ක් පමණයි. තරිඳු රත්නායක ලකුණු 17 යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නිමන්ද මධුසංඛ පන්දුවාර 8 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 39 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.(දර්ශන පහතින්)

ඉශාන් ජයරත්න, ප්‍රමෝද් මධුශාන් සහ සංතුශ් ගුණතිලක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුනු 248 ක ඉලක්කයක් හඹා ගිය යාපනය කණ්ඩායම පන්දුවාර 46.4 කදී කඩුලු 4 ක් පමණක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ඨ ඉනිමක නිරත වූ සධීර සමරවික්‍රම පන්දු 95 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 91 ක් ලබා ගත්තා. ළහිරු තිරිමාන්න ලකුණු 52(63) යි. දමිත සිල්වා සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 27 බැගින් රැස් කළා. සංතුශ් ගුණතිලක නොදැවී ලකුණු 25(29) යි.

පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 ක් බිඳ හෙලීමට තරිඳු රත්නායක සමත් වූ අතර, ළහිරු මධුසංඛ එක් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...