සංගාට සහාය පල කර ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහාය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද(2) විරෝධතාවයක් පැවැත්වුණා.

ඒ, 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට සංගක්කාර කැඳවීම පදනම් කර ගනිමින්.

විරෝධතාවය සමගි ජනබලවේගයේ තරුණ සන්ධානය විසින් සංවිධාන කර තිබුණා.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද ක්‍රීඩකයින්ව ප්‍රශ්න කිරීමට ලක් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ට්විටර් පණිවිඩ ද නිකුත් කර තිබෙනවා.

එම ට්විටර් පණිඩිව සහ විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනයක් පහතින් –

Posted by Awkana Sanjeewa on Thursday, July 2, 2020

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...