ශ්‍රී ලාංකිකයින් 9ක් සමග IPL තරගාවලියේ 15 වැනි අදියර අදින් ඇරඹේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්(අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලිය අද(26) ආරම්භ වනවා.

දින 65ක් පුරා පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ පසුගියවර ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගය මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ලක්නව් සුපර් ජයන්ට්ස් හා ගුජරාට් ටයිටන්ස් යන නව කණ්ඩායම් දෙක ද සහිතව මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන බැවින් ලීග් වටයේ දී තරග 70ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුම්බායිහි හා පූනේහි පිහිටි ක්‍රීඩාංගන 4කදී පමණක් ලීග් වටයේ තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව මුම්බායිහි Wankhede ක්‍රීඩාංගනයේ දී තරග 20ක් ද, මුම්බායිහි Brabourne ක්‍රීඩංගනයේ දී තරග 15ක් ද මුම්බායිහි DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 20ක් ද පැවැත්වීමට නියමිත අතර, පූනේ හී දී තරග 15ක් පැවැත්වීමට නියමිතයි.

එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 12 ක් ද මෙවර තරග කාලසටහනට ඇතුළත්.

දහවල් කාලයේ පැවැත්වෙන තරග පස්වරු 3.30ට ද, රාත්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ වීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලියේ 15 වන අදියරේ අවසන් මහා තරගය මැයි 29 වනදා පැවැත්වෙන අතර, අවසන් වටයේ (Playoffs) තරග හතරෙහි තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැහැ.

සෑම කණ්ඩායමක්ම Wankhede ක්‍රීඩාංගනයේ දී හා DY Patil ක්‍රීඩාංගනයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම සෑම කණ්ඩායමක්ම Brabourne ක්‍රීඩංගනයේ දී හා පූනේ හී දී තරග 3 බැගින් ද ක්‍රීඩා කිරීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට අලෙවි වූ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මෙවරත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සදහා ද, දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන්නේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සදහායි.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර, මෙවර තරගාවලියේ දී ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මහතායි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර මහතා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ හා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

එම කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කරනවා.

තවදුරටත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු වන්නේ මුත්තයියා මුරලිදරන්.

තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...