ශ්‍රී ලාංකිකයින්ගේ දක්ෂතා හමුවේ කුවේට් කණ්ඩායමට පෙරලිකාර ජයක්

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පරදා කඩුල්ලක පෙරලිකාර ජයක් වාර්තා කිරීමට කුවේට් කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලකුණු 174 ක ඉලක්කයක් හිමි වූ අතර, කුවේට් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන රවිජ සදරුවන් ලකුණු 34 ක් හා නායක මොහමඩ් අස්ලාම් ලකුණු 19 ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා. එඩ්සන් සිල්වා ලකුණු 25 යි. ඊට අමතරව Meet Bhavsar ලකුණු 27 ක් ද, Usman Patel ලකුණු 21 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Basil Hameed කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 173 ක් ලබා ගත්තේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

Chirag Suri ලකුණු 88 ක් ද, Muhammad Waseem ලකුණු 35 ක් ද, Vriitya Aravind ලකුණු 33 ක් ද රැස් කිරීමට සමත් වුණා.

එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය වෙනුවෙන් වන සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන්නේ ඕමානයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...