සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය අද(12) ආරම්භ වුණා.
පළමු දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්.
ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 98 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 11 ක් සමගින්. ලහිරු උදාර ලකුණු 42 යි.
නුවනිදු ප්‍රනාන්දු ලකුණු 10 කට දැවී ගිය අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 28 කටත්, නායක නිපුන් ධනංජය ලකුණු 13 කටත් දැවී ගියා.
ජනිත් ලියනගේ එක් ලකුණක් පමණක් රැස් කළ අතර, ලක්ෂිත මනසිංහ ලකුණු 4 යි. මැදපෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු පසුබිමක පසුපෙල ශක්තිමත් කරමින් රමේෂ් මෙන්ඩිස් ලකුණු 78 ක් වාර්තා කිරීමට සමත් වුණා. පන්දු 89 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත්.
ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 15 ක් ද, මිලාන් රත්නායක නොදැවී ලකුණු 23 ක් ද, ඩිල්ෂාන් මදුෂංක ලකුණු 4 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී සෙනුරන් මුතුසාමි ලකුණු 122 කට කඩුලු 7 ක් දවා ගැනීම කැපී පෙනුණා. Kwena Maphaka කඩුලු 2 ක් ද, ට්‍රිස්ටන් ස්ටබ්ස් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

