ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය ඔක්තෝම්බර් මාසයේ දී

Date:

කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමීමට කටයුතු කෙරුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග 3කින් යුත් එම ටෙස්ට් තරගාවලිය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට ඉඩ ඇති බවයි.

ආසියානු කුසලාන තරගාවලිය සහ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ගෙන ඇති තීරණ හේතුවෙන්, මීට පෙර කල් දැමීමට සිදු වූ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු තරගාවලි ඉදිරි මාස කිහිපයේ දී පැවැත්වීම සදහා මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව සදහන්.

ශ්‍රී ලංකා තරග සංචාරය එහි පළමු තරගාවලිය වනු ඇති.

“අපි මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරමින් ඉන්නේ. කොරෝනා වසංගත තත්ත්වය සලකා බැලුවොත් කලාපීය රටවල් අතරින් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් යහපත්. අපේ රටේ තත්ත්වය එතරම් සුබදායක නොමැති බැවින් අපි තරග සංචාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලයි තියෙන්නේ.”

යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury සදහන් කළා.

ශ්‍රී ලංකා තරග සංචාරය හැරුණු විට, කොරෝනා වසංගතය හේතුවෙන් පාකිස්තාන සහ අයර්ලන්ත තරග සංචාර ද කල් දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සිදු වුණා.

එමෙන්ම එරට දී පැවැත්වීමට නියමිත වූ ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත තරගාවලි ද කල් දැමීමටයි තීරණය කෙරුණේ.

එම තරගාවලි ද ඉදිරියේ දී පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය වන සාකච්ඡා අදාළ ක්‍රිකට් ආයතන සමග සිදු කරන බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...