ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(22) නිවේදනය කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද නවතම ‍ශ්‍රේණිගත කිරීම්වලට අනුව කැපී පෙනන අයුරින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි සිව්දින එක්දින තරගයේ දී ලකුණු 99ක් වාර්තා කරමින් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ලකුණු 110ක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු චරිත් අසලංක ස්ථාන 19කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට රැදී සිටින්නේ 32 වැනි ස්ථානයේයි.

ධනංජය ද සිල්වා ස්ථාන 12කින් ඉදිරියට පැමිණ ඇත්තේ 69 වැනි ස්ථානය දක්වායි.

එමෙන්ම ඔහු පන්දු යවන්නන් අතර 61 වැනි ස්ථානය දක්වා ද ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, 20යි 20 ශ්‍රේණිගත කිරීම් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

වනිදු හසරංග 20යි 20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, මහීෂ් තීක්ෂන එහි තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර 12 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් සමත්ව තිබෙනවා.

ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් සමත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...