“ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා භයානක ප්‍රතිවාදී කණ්ඩායමක්” : බට්ලර්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා භයානක ප්‍රතිවාදී කණ්ඩායමක් බව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් පවසනවා.

එළඹෙන 20යි 20 සහ එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් ඉතා හොද අභියෝගයක් අපේක්ෂා කරන බවයි ඔහු මාධ්‍ය වෙත සදහන් කළේ.

“මම නිතරම සිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් බවයි. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයින් අහිමි වූ අවස්ථාවක ඔවුන්ව ආදේශ කිරීම ඇදහිය නොහැකි තරම් ඉතාමත් දුෂ්කරයි; සහ (ලසිත්) මාලිංග, මෑත කාලයේ දී ඉවත් වූ සුපිරි තරුවක්. ඇත්ත වශයෙන්ම ඒ ක්‍රීඩා ප්‍රමිතියට පැමිණෙන ඊළඟ ක්‍රීඩකයින් සොයා ගැනීමට කාලයක් ගතවෙනවා.” යනුවෙන් ජොස් බට්ලර් සදහන් කළා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සැමවිටම දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. එයාලා ඉතා භයානක ප්‍රතිවාදී කණ්ඩායමක්. මම අපේක්ෂා කරනවා දැඩි අභියෝගයක් සහ හොද ක්‍රිකට් ක්‍රීඩාවක් ඉදිරි මාසයේ දී”

මේ අතර, ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා භයානක ක්‍රීඩකයෙකු බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.

එමෙන්ම වනිදු හසරංග ඉහළ කතාබහට ලක්වූ ආකර්ෂණීය ක්‍රීඩකයෙකු ලෙසයි ජොස් බට්ලර් මෙහිදී පෙන්වා දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...