ශ්‍රී ලංකා කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ වසර දෙකක කාලයක් සදහා ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු වගකීම බවට පත් වන්නේ එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයයි.

එංගලන්ත පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අමතරව ඔහු ක්‍රීඩකයෙකු ලෙස එංගලන්ත ජාතික කණ්ඩායම ද ටෙස්ට් තරග 6කදී හා එක්දින තරග 7කදී නියෝජනය කළා.

නිමා වූ අලුබදුන තරගාවලියේ දී තරග 4-0ක් ලෙස ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව ඔහුව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙබරවාරි මස මුල් සතියේ දී තීරණය කළේ.

සිල්වර්වුඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්ත කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 14න් තරග 10ක්ම පරාජයට පත්ව තිබූ අතර, ජය ගෙන තිබුණේ එක් තරගයක් පමණයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ඉන් අනතුරුවයි අදාළ ධූරය මෙතෙක් පුරප්පාඩු වී පැවතුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...