ශ්‍රී ලංකාව WTC අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න කළ යුතු දේ

Date:

2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවත් තීරණාත්මක තරගාවලියක් එළඹෙන සතියේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමටනම් මෙම තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට අතිශය වැදගත්වනවා.

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 7ක් ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජය ගනිමින් 42.86% ක ලකුණු ප්‍රතිශතයක් සමග ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

2023-25 අදියරේ දී ශ්‍රී ලංකාව මෙරට දී පාකිස්තානය සමග ටෙස්ට් තරග දෙකක්, බංග්ලාදේශයේ දී ටෙස්ට් තරග 2 ක් ද, එංගලන්තයේ දී ටෙස්ට් තරග 3 ක් ද ක්‍රීඩා කළා.

එම තරගාවලි අතරින් පාකිස්තානය හමුවේ මෙරට දී ම තරග 2-0 ක පරාජයක් ශ්‍රී ලංකාවට අත්විදීමට සිදු වීම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට යන ශ්‍රී ලංකාවේ ගමන් මගට දැඩි පහරක් එල්ල කළා.

කෙසේ වෙතත්, බංග්ලාදේශයේ දී ම බංග්ලාදේශ කණ්ඩායම තරග 2-0 ක් ලෙස පරාජයට පත් කිරීමටත්, එංගලන්තයේ දී එක් ටෙස්ට් තරගයක් ජය ගැනීමට සමත්වීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ඉහළ බලාපොරොත්තු රදවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීලග තරගාවලි නවසීලන්තයට (මෙරටදී), දකුණු අප්‍රිකාවට (එරටදී) හා ඔස්ට්‍රේලියාවට (මෙරට දී) එරෙහිව පැවැත්වීමට නියමිතයි. එම සෑම තරගාවලියක් සදහා ද ටෙස්ට් තරග දෙක බැගින් ඇතුළත්.

ශ්‍රී ලංකාව මීළග තරග හයම ජය ගතහොත් 69.23% ලකුණු ප්‍රතිශතයක් සමග ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ඉහළ අවස්ථාවක් උදා වනවා.

ඉදිරි තරග හයෙන් තරග 5 ක් ජය ගතහොත් ද ශ්‍රී ලංකාවට 61.54% ක ලකුණු ප්‍රතිශතයක් සමග අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාවක් පවතිනවා.

ඊට වඩා අඩු තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව ඉතා සීමිත වීමට ඉඩ ඇති අතර, අනෙකුත් තරග ප්‍රතිපල මත යැපීමට ශ්‍රී ලංකාවට බොහෝ විට සිදු වනු ඇති.

ඒ අනුව අවසන් තරගයට පිවිසීමටනම් ශ්‍රී ලංකාවට ඉදිරියේ දී මෙරට දී පැවැත්වෙන ටෙස්ට් තරග හතරම ජය ගැනීම අතිශය වැදගත් වනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකාව හමුවේ අවසන් ටෙස්ට් තරගයේ දී ලද පරාජය හේතුවෙන් එංගලන්තයට මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...