ශ්‍රී ලංකාව 20යි 20 තරගාවලිය පරදියි

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ද පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(25) සිදු වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.

දඹුල්ලේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 126ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

Smriti Mandhana ලකුණු 39ක් රැස් කළ අතර, Harmanpreet Kaur නොදැවී ලකුණු 31යි.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින්.

ඒ, ආරම්භක කඩුල්ල සදහා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න ලකුණු 87ක සබදතාවයක් ගොඩ නැගූ පසුබිමකයි.

චමරි ලකුණු 47කටත්, විශ්මි ලකුණු 43කටත් දැවී ගියා. සෙසු කිසිදු පිතිකාරිණියකට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Deepti Sharma කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...