ශ්‍රී ලංකාව 169කට දැවී යයි – කොදෙව්වන් ලකුණු 156ක් පිටුපසින් – Day 1 Report

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(22) අලුයම නිමා වුණා.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

ළහිරු තිරිමාන්න ලකුණු 70ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 32ක් රැස් කරමින් ඉනිමට යම් ශක්තියක් ලබා දුන්නා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු12කටත්, ධනංජය ද සිල්වා ලකුණු 13කටත් දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර නොගිය අතර, මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ පැතුම් නිස්සංක ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 5ක් බිද හෙලුවේ ලකුණු 27ක් ලබා දෙමින්.

කෙමා රෝච් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 156ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...