ශ්‍රී ලංකාව හොද කණ්ඩායමක් කියලා පසුගිය අවුරුදු දෙකේ දී සනාථ කළා : නවසීලන්ත නායක සවුති

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර දෙකක කාලය තුළ දී විශිෂ්ඨ අන්දමින් ක්‍රීඩා කළ කණ්ඩායමක් බව නවසීලන්ත නායක ටිම් සවුති පවසනවා.

අනිද්දා (9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ වන විටත් පසුගියවර ලෝක ටෙස්ට් ශූරයින් වන නවසීලන්ත කණ්ඩායමට අහිමි වී අවසන්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට මෙම ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයගතහොත් අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීම පිළිබද යම් බලාපොරොත්තුවක් තැබිය හැකියි.

නමුත්, එය එසේ සිදු වීමටනම් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම පරාජය වීම හෝ එම තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම සිදු විය යුතුයි.

“ශ්‍රී ලංකාව තවමත් ලුහුබැද යනවා ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය.” යනුවෙන් ටිම් සවුති කියා සිටියා.

“එවැනි ස්ථානයක සිටින්න ඔවුන් පසුගිය වසර දෙකක කාලයේ දී ඉතා හොද ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වුණා. අපි දන්නවා ශ්‍රී ලංකාව හොද කණ්ඩායමක් කියලා. ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අසළ රැදී සිටිමින් ඔවුන් එය පසුගිය වසර කිහිපය තුළ ප්‍රදර්ශනය කළා. “

Watch : වෙනදාට වඩා නවසීලන්තයේ කාලගුණය අපිට හිතකරයි : දිමුත් පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමත් පහදයි

“අපි සෑම ප්‍රතිවාදී කණඩායමකටම ගෞරව කරනවා. ඔවුන්ට තවමත් ක්‍රීඩා කිරීමට බොහෝ දේ තියෙනවා. නමුත්, අපි පැහැදිලිවම ටෙස්ට් ශූරතාවලියෙන් ඉවත් වෙලා ඉන්නේ”

Also Read : කේන් විලියම්සන් තවමත් නවසීලන්ත සංචිතය සමග එක් වී නැහැ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...