ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයට අන්ත පරාජයක්

Date:

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(2) සමත් වුණා.

මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු 20යි 20 තරග ජය වීම විශේෂත්වයක්.

Chelmsford හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායිකා චමරි අතපත්තු පන්දු 31 කින් ලකුණු 55 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ‌‌‌ඉතිහාසගත ජයක් වෙනුවෙන් මාවත විවර කර දුන්නා.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30 ක් ද, විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 18 ක් ද ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලභිනිය වූ Charlie Dean ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉනෝකා රණවීර හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...