ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට ; බංග්ලාදේශය හමුවේත් කඩුලු තුනක පරාජයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් ශ්‍රී ලංකා බලාපොරොත්තුවත් සුන් කරමින් තරගාවලියේ 38 වැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු තුනක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(6) සිදු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ එක්දින ලෝක කුසලාන තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම පරාජයත් සමග 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ද දැඩි අවධානමකට ලක්ව ඇති අතර, ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමග පැවැත්වෙන මීළග තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු තත්වයක් නිර්මාණය වී තිබෙනවා. ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබන්නේ පාකිස්තානය සමග මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රටවල් 7 යි.

දිල්ලි හී දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 279 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 41.1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 108 ක් රැස් කළේ පන්දු 105 කින්. හයේ පහර 5 ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. පැතුම් නිස්සංක හා සධීර සමරවික්‍රම ලකුණු 41 බැගින් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 34 යි.

‘Timed out’ හෙවත් පිතිකරුවෙකු දැවී ගිය පසු නියමිත කාලය තුළ නවක පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානම්ව නොසිටීම හේතුවෙන් දැවී ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත් වීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම තරගයේ දී සිදු වීම ද කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ටන්සිම් සකිබ් කඩුලු 3 ක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් නජ්මුල් හොසේන් ලකුණු 90 ක් හා නායක ශකිබ් අල් හසාන් ලකුණු 82 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 69 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2 බැගින් දවා ගත්තා. මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

එමෙන්ම රාත්‍රී කාලයේ දී දැඩි පින්නක් ක්‍රීඩාංගනට ඇද වැටීම ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පන්දු යැවීමේ දී දැඩි අභියෝගයක් එල්ල කළා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...