ශ්‍රී ලංකාව ලකුණු 60ක් ඉදිරියෙන්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි(19).

අද දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 128ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 44(127)ක් හා ධනංජය ද සිල්වා ලකුණු 12(24)ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

කුසල් මෙන්ඩිස් පන්දු 43 කින් වේගවත් ලකුණු 48ක් ලබා සිටියදී ටයිජුල් ඉස්ලාම් යොමු කළ විශිෂ්ඨ පන්දුවක් හමුවේ දැවී ගියා. (එහි දර්ශන පහතින්) හයේ පහරක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු රැස් කිරීමට හැකිවූයේ නැහැ. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 19කට ඊයේ පස්වරුවේ දුවද්දී දැවී ගියා. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 2යි.

අද පෙරවරුවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 89ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

මේ වන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 60ක්.

චිතගොං හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 465ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...