ශ්‍රී ලංකාව ලකුණු 323 ක් ඉදිරියෙන් : Day 3 Report

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (26) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා තරගය නියමිත වේලාවට පෙර නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 30ක් ද, පිට කොන්දේ ආබාධය හේතුවෙන් අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 27 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15 කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 19 කටත් දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 15 යි.

තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජෙලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේ දී ලකුණු 35 ක් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් කඩුලු 2 ක් දවා ගත් අතර, යසීර් ශාහ්, මොහමඩ් නවාස් හා අගා සල්මාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 231 ක්.

හසන් අලී ලකුණු 21 කටත්, නොවුමන් අලී එක් ලකුණකටත්, යසිර් ශාහ් ලකුණු 26 කටත් අද දිනයේ දී දැවී ගියා. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අගා සල්මාන් ලකුණු 62 ක් ලබා ගත් අතර, ඉමාම් උල් හක් ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 47 කට බිද හෙලූ කඩුලු ගණන 5ක්. මෙන්ඩිස් අද වාර්තා කළේ සිය තෙවැනි කඩුලු පහේ අවස්ථාවයි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 80කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 378 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 323 ක් ඉදිරියෙන් පසුවනවා.

හෙට දිනයේ දී තරගය පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...