ශ්‍රී ලංකාව පරදා කොදෙව් මාස්ටර්ක් කණ්ඩායම අවසන් මහා තරගයට

Date:

International Masters League ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ලකුණු හයකින් පරාජයට පත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට අද(14) සුදුසුකම් ලබා ගත්තා.

රයිපූර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණූ 179 ක් ලබා ගත්තා.

දෙනේෂ් රම්දින් ලකුණු 50 ක් නොදැවී රැස් කළේ පන්දු 22 කින් හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්. නායක බ්‍රයන් ලාරා ලකුණු 41(33) යි.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස් හා අසේල ගුණරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩ කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173 ක් පමණයි.

උපුල් තරංග ලකුණු 30(22) කට දැවී ගිය අතර, අසේල ගුණරත්න පන්දු 42 කින් ලකුණු 66 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන යාමට අවසන් පන්දුවාරයේදී පවා දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. ඉසුරු උදාන ලකුණු 21(10) යි.

පන්දු යැවීමේදී ටීනෝ බෙස්ට් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 16 වැනිදා ඉන්දියාව හා කොදෙව්වන් අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...