ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කරයි

Date:

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ, තරගාවලියේ 7 වැනි තරගයෙන් තායිලන්තය පරදා ලකුණු 49 ක ජයක් වාර්තා කරමින්.

බංග්ලාදේශයේ සිල්හෙට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් රැස් කළා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 81 ක් ලබා ගත්තේ පන්දු 69 කින්. නිකල්ෂි ද සිල්වා නොදැවී ලකුණු 39 (21) යි.

පන්දු යැවීමේ දී Thipatcha Putthawong ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 107 ක් පමණයි.

Chanida Sutthiruang නොදැවී ලකුණු 37 ක් ද, Nannapat Koncharoenkai ලකුණු 25 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ලකුණු 19 කට කඩුලු 2ක් බිද හෙලූ අතර, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර හා කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...